OpenOffice.org Calc
හැඳින්වීම
OpenOffice.org නම් වූ මෘදුකාංග කට්ටලයේ පැතුරුම්පත් සඳහා වූ මෘදුකාංගය OpenOffice.org Calc යි. මෙහි]] MicroSoft Excel නම් වූ පැතුරුම්පතට බොහෝ සෙයින් සමාන අතර එහි නොමැති සමහර පහසුකම් පවා OpenOffice.org Calc හි දක්නට ඇත.OpenOffice.org Calc හි ඇති එක් පහසුකමක් නම් කෙලින්ම PDF File Format එකට ගොනු ලිවිය හැකි වීමයි.
මෙහි Version 2x/3x හි ගොනුවක් ගබඩා කිරීමේදී එක්කෝ MicroSoft Excel හි File Format එකෙන් එසේත් නැත්නම් ජාත්‍යන්තර සම්මතය වන OpenDocument Format (ODF) ISO/IEC 26300:2006 යන File Format එකෙන් ගබඩා කළ හැකි වීම ද විශේෂත්වයකි. එසේම CSV, HTML, SXC, DBF, DIF, UOF, SLK, SDC යන වලින් ඕනෑම එකකින් ගබඩාඅ කළ හැකි වීම මෙම මෘදුකාංගය්යේ වටිනාකම වැඩි කරන්නකි. Mac OS X, Microsoft Windows, Linux, FreeBSD හා Solaris යන Operating Systems මත වැඩ කළ හැකිවීම ද තවත් විශේෂත්වයකි.
ප්‍රමාණය හා ඇතුළු කළ හැකි දත්ත
මෙම පැතුරුම්පතෙහි පේළි (Rows) 65536ක් ඇති අතර ඒවා 1කේ සිට 65536 දක්වා අංකනය වී ඇත. එසේම තීරු (Columns) 1024ක් ඇති අතර ඒවා අංකනය වී ඇත්තේ ඕනෑම පැතුරුම්පතක අන්දමට පහත දැක්වෙන ආකාරයටයි.
පළමු තීරු 26 A සිට Z දක්වා අංකනය වී ඇත. ඉන්පසු AA සිට ZZ දක්වා අංකනය වී ඇති අතර අවසානයේ AAA සිට AMJ දක්වා අංකනය වී ඇත. ඕනෑම කොටුවක් (Cell) හඳුන්වන්නේ එහි තීරුවේ හා පේළියේ අංක එකතු වීමෙනි. උදාහරණයක් ලෙස Z වන තීරුවේ 25වන පේළියේ ඇති කොටුව Z25 යනුවෙන් හැඳින්වේ.
මෙහි යම් කොටුවකට අගයක් පෙළක් සමීකරණයක් හෝ දී ඇති ශ්‍රිතයක් ඇතුළු කළ හැකිය. හෝ යන ඒවායින් එකකින් ඇරඹී පිළිගත හැකි අගයක් නිරූපණය වන ඕනෑම දත්තයක් අගයක් ලෙස හැඳින්වේ.