OpenOffice.org Calc
හැඳින්වීම
OpenOffice.org නම් වූ මෘදුකාංග කට්ටලයේ පැතුරුම්පත් සඳහා වූ මෘදුකාංගය OpenOffice.org Calc යි. මෙහි]] MicroSoft Excel නම් වූ පැතුරුම්පතට බොහෝ සෙයින් සමාන අතර එහි නොමැති සමහර පහසුකම් පවා OpenOffice.org Calc හි දක්නට ඇත.OpenOffice.org Calc හි ඇති එක් පහසුකමක් නම් කෙලින්ම PDF File Format එකට ගොනු ලිවිය හැකි වීමයි.
මෙහි Version 2x/3x හි ගොනුවක් ගබඩා කිරීමේදී එක්කෝ MicroSoft Excel හි File Format එකෙන් එසේත් නැත්නම් ජාත්‍යන්තර සම්මතය වන OpenDocument Format (ODF) ISO/IEC 26300:2006 යන File Format එකෙන් ගබඩා කළ හැකි වීම ද විශේෂත්වයකි. එසේම CSV, HTML, SXC, DBF, DIF, UOF, SLK, SDC යන වලින් ඕනෑම එකකින් ගබඩාඅ කළ හැකි වීම මෙම මෘදුකාංගය්යේ වටිනාකම වැඩි කරන්නකි. Mac OS X, Microsoft Windows, Linux, FreeBSD හා Solaris යන Operating Systems මත වැඩ කළ හැකිවීම ද තවත් විශේෂත්වයකි.