HTML
{pp-semi|small=yes|expiry=19:38, 2 November 2014 (UTC)}}
![]() | |
දිගුව |
|
---|---|
අන්තර්ජාල මාධ්‍ය වර්ගය | text/html |
කේත වර්ගය | TEXT |
ප්‍රථම නිකුත් කිරීම | 1993 |
අවසාන නිකුත් කිරීම | html5 / 4 පෙබරවාරි 2014 |
ආකෘතියේ වර්ගය | Document file format |
විස්තීරණය වූයේ | SGML |
විස්තීරණය වනුයේ | XHTML |
සම්මත(ය) | ISO/IEC 15445 W3C HTML 4.01 W3C HTML5 (draft) |
විවෘත ආකෘතියක් ද? | Yes |
වෙබ් අඩවිය | w3.org/html/ |
එච්ටීඑම්එල් |
---|
|
සැසදීම් |
|
HTML හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි.
එච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් හි හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන Angle brackets හෙවත් කෝණ වරහන් (උදාහරණ:<html>
) තුළ සම්බන්ධක යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග පැමිණෙන්නේ <h1>
සහ </h1>
වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග හිස් එලෙමන්ට්ස් දක්වන අතර යුගල වශයෙන් නොපවතී, උදාහරණ ලෙස <img>
ගත හැක. යුගලයක පළමු ටැගය ආරම්භක ටැගය වන අතර, දෙවන ටැගය අවසාන ටැගය නම් වේ (ඒවා විවෘත ටැග සහ වැසුම් ටැග ලෙස ද හඳුන්වනු ලැබේ).
වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව ක්‍රමලේඛ භාෂාවකට වඩා වැඩියෙන් මාකප් භාෂාවක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය.
එච්ටීඑම්එල් ඉලෙමන්ට්ස් සියලු වෙබ් අඩවි වල ගොඩනැගුම් කොටස් (බිල්ඩිං බ්ලොක්ස්) මෙන් ක්‍රියා කරයි.
ටිම් බර්න්ස් ලී විසින් 1989 ලොවට හදුන්වාදුන් විශ්ව විසිරි වියමන (WWW - World Wide Web) වර්තමානය වන විට බහුමාධ්‍ය තොරතුරු බෙදාහරින ජාලයක් බවට පත්වී ඇත. ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් ස්වාධීනව පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවනවිට URL ක්‍රමය සහ HTTP ප්‍රොටෝකෝලය ද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී විසින් HTML භාෂාව ද හඳුන්වාදුනේ ය.
HTML කේත හෙවත් Tags නිර්මාණය කරනු ලබන්නේ ටිම් බර්නර්ස ලී ප්‍රධානත්වය දරන වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියම් (World wide web consortium) හොවත් W3C ආයතනය විසිනි. HTMLභාෂාවේ නවතම කේත සමූහය හෙවත් ප්‍රමිතය HTML 5.0 වේ.
වෙබ් පිටු සකස්කිරීමේදී අන්තර්ජාලය තුල ලිපිගොණු සකස් කරන ආකාරය පිලිබද කලින් සකස් කරන ලද නීති මාලාවකට අනුව සකස්කර "Hyper Text Markup Language - HTML" මගින් ඉදිරිපත් කර ඇත.
WWW Server නමින් හදුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත්කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
- එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවය ඇති කිරී
- වෙබ් අඩවිය තුල ඇති වෙනත් පටුවකට සම්බන්ද කිරීම
- වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
- වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි.
වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,
- තොරතුරු ගබඩා වී ඇති පරිගණකය(Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයාබලයි.
- තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාන්ෂණය මගින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
- ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
- ඕනෑම වර්ගයක රූප හො බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරයවයි.
HTML උපකාරක යෙදුම් (Plug-in)
HTML භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Plug-in) ද ඇතුලත් කරයි.
මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය.
වෙබ් බ්‍රවුසර(Web Browsers)
අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.
- HTML මගින් නිර්මාණය කළ හෝ Plain text සහිත වෙබ් පිටු තිරය මත පතිත කිරිම.
- JPEG, BMP, GIF ගොනු ලෙස පවතින චිත්‍ර ද, GIF, SWF ආකාරයයෙන් පවතින චලනමය චිත්‍ර ද HTML පිටු මත දැක්වීම.
- බහුමාධ්‍ය මූලයන් හා බහුමාධ්‍ය සම්බන්ධතාවයන්(Hyper Media) සහිත වෙබ් පිටු තිරය මත පෙන්වීම හො ක්‍රියාත්මක කිරීම.
- FTP, Gopher, Usenet නියමයන් සහිත වෙබ් පිටු තුලට ඇතුල් වීම.
- වෙබ් පිටුවල ඇති පෝරම සැපයීම හා එම පෝරම වලට ඇතුලත් කරන තොරතුරු ලබා ගැනීමට හැකි වීම.
- පරිශීලකයා බලාපොරොත්තු වන සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව
මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Live Chat), අන්තර්ජාල දුරකථන(Internet Phone) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි.
වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,
- Firefox
- Google Crome
දැක්විය හැක.