MySQL
සංවර්ධක(යෝ) | Oracle (පෙර Sun, පෙරMySQL AB) |
---|---|
ප්‍රථම නිකුතුව | 23 මැයි 1995 |
ස්ථායි නිකුතුව | 5.6.10
/ 5 පෙබරවාරි 2013 |
පූර්ව දර්ශන නිකුතුව | 5.6.9
/ 11 දෙසැම්බර් 2012 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(ව) | C, C++ |
මෙහෙයුම් පද්ධතිය | Cross-platform |
ලබාගත හැකි භාෂා ගණන | English |
වර්ගය | RDBMS |
බලපත්‍රය | GNU General Public License (version 2) or proprietary EULA |
වෙබ් අඩවිය | www.mysql.com dev.mysql.com |
MySQL (කියවීම:මයි එස්.කියු.එල් හෝ මයි සීක්‍යුවල්) යනු (2008 සංඛ්‍යා ලේඛන වලට අනුව) ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය (relational database management system (RDBMS)) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි.
මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් විඩෙනියස් ගේ දියණියගේ නමට අනුව My යන්නත් Structured Query Language යන්න සඳහා SQL යන්නත් භාවිතා කරමින් මෙය MySQL ලෙස නම් කර ඇත.
GNU පොදු මහජන බලපත්‍රය (GNU General Public License) යටතේ මෙන්ම තවත් විවිධ ස්වාම්‍ය (proprietary) එකඟතාවයන් යටතේ MySQL සංවර්ධන ව්‍යාපෘතියේ මූලාශ්‍ර කේතය ප්‍රකාශයට පත් කර ඇත. MySQL ව්‍යාපෘතිය MySQL AB නම් ස්වීඩන සමාගමකට අයත්ව තිබූ අතර එය වර්තමානයේදී ඔරකල් (Oracle Corporation) ආයතනයට අයත් වේ.
MySQL යනු වෙබ් වැඩසටහන් සඳහා ජනප්‍රිය තේරීමක් වන අතර LAMP වැනි නිදහස් වෙබ් යෙදුම් මෘදුකාංග කැටි තුල භාවිතා වන ප්‍රධානම සංරචකයකි. එවැනි පැකේජයන් පොදුවේ AMP ලෙස හඳුන්වන අතර එය Apache, MySQL සහ PHP/Perl/Python සඳහා කෙටා යෙදුමකි. එමෙන්ම කාර්යක්ෂම දත්ත හැසිරවීම් ක්‍රියාකාරකම් සහිත බොහෝ නිදහස් මෙන්ම ස්වාම්‍ය මෘදුකාංග පවා මෙය බහුල වශයෙන් MySQL භාවිතා කරයි. එමෙන්ම වාණිජ්‍ය භාවිතය සඳහා අතිරේක පහසුකම් සහිත මිලදී ගත හැකි සංස්කරණද පවතී.
MySQL භාවිතා කරන යෙදුම් සඳහා උදාහරණ නම් : TYPO3, Joomla, WordPress, phpBB, MyBB, Drupal ඇතුළු තවත් බොහෝ මෘදුකාග ද Wikipedia, Google (සෙවීම් සඳහා නොවේ), Facebook, Twitter, Flickr, Nokia.com, සහ YouTube වැනි මහා පරිමාණ විශ්ව විසිරි වියමන් (World Wide Web) යෙදුම් සඳහා ද MySQL යොදා ගනී.
Interfaces

MySQL යනු සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතියක් වන අතර දත්ත සමුදායන් නිර්මාණය හෝ කළමණාකරණය කිරීමට එය සමඟ GUI (Graphical User Interface) එකක් නොලැබේ. පරිශීලකයන්ට MySQL සමඟ ලැබෙන command line interface එක හෝ MySQL සඳහා ඇති ඉදිරි කොණ මෙවලම් (front-end tools) වෙනම ස්ථාඵිතා කරගත හැක. මේවා මගින් දත්ත සමුදා නිර්මාණය සහ කළමණාකරණය, දත්ත සමුදා ආකෘති නිර්මාණය, දත්ත සමුදා උපස්ථ (back-up) කිරීම ආදී කාර්ය්‍යන් පහසුවෙන් සිදු කල හැක.
MySQL Workbench සහ MySQL Query Browser යනු නොමිලයේ බාගත කරගත හැකි එවැනි මෘදුකාංග වේ.
Graphical
නිල MySQL Workbench යනු MySQL AB සමාගම විසින් නිර්මාණය කරන ලද සංගෘහිත පරිස්ථිතියක් යන අතර එමගින් පරිශීලකයන් හට පහසුවෙන් චිත්‍රක (Graphics) ආධාරයෙන් MySQL දත්ත සමුදායන් පාලනය කිරීමට සහ ඒවායේ ව්‍යුහයන් දෘශ්‍ය ලෙස නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දේ. මෙම මෘදුකාංගය මීට පෙර තිබූ MySQL GUI Tools නම් මෘදුකාංගය වෙනුවට නිකුත් වූවකි. අනෙක් තෙවන පාර්ශවීය පැකේජ හි බොහෝ සෙයින් සමාන වුවත් දැනට භාවිතා වන MySQL ඉදිරි-අන්ත (front-end) මෘදුකාංග අතරින් වැඩි ඉල්ලුමක් පවතින්නේ මෙයටයි. මන්ද යත්, මෙමගින් දත්ත සමුදායන්හි සැලැස්ම, ආදර්ශක, SQL සංවර්ධනය (MySQL Query Browser එක වෙනුවට) සහ දත්ත සමුදායන් පරිපාලන කිරීම (MySQL Administrator එක වෙනුවට) යන සියළු දේ පහසුවෙන් සිදු කර ගත හැකි නිසාය.
MySQL Workbench මෘදුකාංගය MySQL වෙබ් අඩවිය මගින් නොමිලයේ බාගත කල හැකි නිදහස් සහ විවෘත වූ මහජන සංස්කරණයකින් සහ මහජන සංස්කරණයේ ඇති යෙදුම් වැඩි දියුණු කර නිර්මාණය කරන ලද ස්වාම්‍ය වූ සම්මත සංස්කරණයකින් ලබා ගත හැක. එමෙන්ම දෘශ්‍යමය වශයෙන් දත්ත සමුදායන් වෙනස් කල හැකි වෙනත් තෙවන-පාර්ශව පරිපාලන මෘදුකාංග (ඉදිරි-අන්ත [front-end] මෘදුකාංග)ද දැක ගත හැකිය. ඒවා සඳහා උදාරණ පහත දැක්වේ.
- Adminer – එකවර දත්ත සමූදායන් කිහිපයක් කළමණාකරණය කල හැකි, PHP භාවිතා කරමින් ලියා ඇති, විවිධ CSS මුහුණත් සහිත නිදහස් ඉදිරි-අන්ත මෘදුකාංගයකි.
- DaDaBIK – MySQL සඳහා වන, කැමති අයුරින් වෙනස් කල හැකි PHP භාවිතයෙන් ලියා ඇති CRUD (Create, Read, Update & Delete) වර්ගයේ ඉදිරි-අන්තයකි.
- DBEdit – MySQL සහ වෙනත් දත්ත සමුදායන් සඳහා භාවිතා කලහැකි නිදහස් මෘදුකාංගයකි.
- dbForge GUI Tools — සංක්ෂිප්ත නිරූපණ (Schema) සැසඳීම (Synchronization), දත්ත සැස සහ සමමුහූර්තකරණය සහ විමසුම් (queries) නිර්මාණය කිරීම ආදිය සිදුකල හැකි වෙන් වූ වැඩසටහන් සමූහයකි.
- HeidiSQL – a full featured free front end that runs on Windows, and can connect to local or remote MySQL servers to manage databases, tables, column structure, and individual data records. Also supports specialised GUI features for date/time fields and enumerated multiple-value fields.[27]
- LibreOffice Base - LibreOffice Base allows the creation and management of databases, preparation of forms and reports that provide end users easy access to data. Like Access, it can be used as a front-end for various database systems, including Access databases (JET), ODBC data sources, and MySQL or PostgreSQL.[28]
- Navicat – a series of proprietary graphical database management applications, developed for Windows, Macintosh and Linux.
- OpenOffice.org – OpenOffice.org Base can manage MySQL databases if the entire suite is installed. Free and open-source.
- phpMyAdmin – a free Web-based front end widely installed[citation needed] by web hosts, since it is developed in PHP and is included in the LAMP stack, MAMP, XAMPP and WAMP software bundle installers.
- SQLBuddy - a free Web-based front end, developed in PHP.
- Sequel Pro - a free, open-source front end for Mac OS X.
- SQLYog - a free community-developed UI for MySQL.
- Toad for MySQL – a free development and administration front end for MySQL from Quest Software
Other available proprietary MySQL front ends include dbForge Studio for MySQL, DBStudio, Epictetus, Oracle SQL Developer, SchemaBank, SQLPro SQL Client, Toad Data Modeler.
--ප්‍රනීත් නිලංග පිරීස් (talk) 19:04, 2 මාර්තු 2013 (යූටීසී)