MySQL
සංවර්ධක(යෝ) | Oracle (පෙර Sun, පෙරMySQL AB) |
---|---|
ප්‍රථම නිකුතුව | 23 මැයි 1995 |
ස්ථායි නිකුතුව | 5.6.10
/ 5 පෙබරවාරි 2013 |
පූර්ව දර්ශන නිකුතුව | 5.6.9
/ 11 දෙසැම්බර් 2012 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(ව) | C, C++ |
මෙහෙයුම් පද්ධතිය | Cross-platform |
ලබාගත හැකි භාෂා ගණන | English |
වර්ගය | RDBMS |
බලපත්‍රය | GNU General Public License (version 2) or proprietary EULA |
වෙබ් අඩවිය | www.mysql.com dev.mysql.com |
MySQL (කියවීම:මයි එස්.කියු.එල් හෝ මයි සීක්‍යුවල්) යනු (2008 සංඛ්‍යා ලේඛන වලට අනුව) ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය (relational database management system (RDBMS)) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි.
මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් විඩෙනියස් ගේ දියණියගේ නමට අනුව My යන්නත් Structured Query Language යන්න සඳහා SQL යන්නත් භාවිතා කරමින් මෙය MySQL ලෙස නම් කර ඇත.
GNU පොදු මහජන බලපත්‍රය (GNU General Public License) යටතේ මෙන්ම තවත් විවිධ ස්වාම්‍ය (proprietary) එකඟතාවයන් යටතේ MySQL සංවර්ධන ව්‍යාපෘතියේ මූලාශ්‍ර කේතය ප්‍රකාශයට පත් කර ඇත. MySQL ව්‍යාපෘතිය MySQL AB නම් ස්වීඩන සමාගමකට අයත්ව තිබූ අතර එය වර්තමානයේදී ඔරකල් (Oracle Corporation) ආයතනයට අයත් වේ.
MySQL යනු වෙබ් වැඩසටහන් සඳහා ජනප්‍රිය තේරීමක් වන අතර LAMP වැනි නිදහස් වෙබ් යෙදුම් මෘදුකාංග කැටි තුල භාවිතා වන ප්‍රධානම සංරචකයකි. එවැනි පැකේජයන් පොදුවේ AMP ලෙස හඳුන්වන අතර එය Apache, MySQL සහ PHP/Perl/Python සඳහා කෙටා යෙදුමකි. එමෙන්ම කාර්යක්ෂම දත්ත හැසිරවීම් ක්‍රියාකාරකම් සහිත බොහෝ නිදහස් මෙන්ම ස්වාම්‍ය මෘදුකාංග පවා මෙය බහුල වශයෙන් MySQL භාවිතා කරයි. එමෙන්ම වාණිජ්‍ය භාවිතය සඳහා අතිරේක පහසුකම් සහිත මිලදී ගත හැකි සංස්කරණද පවතී.
MySQL භාවිතා කරන යෙදුම් සඳහා උදාහරණ නම් : TYPO3, Joomla, WordPress, phpBB, MyBB, Drupal ඇතුළු තවත් බොහෝ මෘදුකාග ද Wikipedia, Google (සෙවීම් සඳහා නොවේ), Facebook, Twitter, Flickr, Nokia.com, සහ YouTube වැනි මහා පරිමාණ විශ්ව විසිරි වියමන් (World Wide Web) යෙදුම් සඳහා ද MySQL යොදා ගනී.
Interfaces

MySQL යනු සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතියක් වන අතර දත්ත සමුදායන් නිර්මාණය හෝ කළමණාකරණය කිරීමට එය සමඟ GUI (Graphical User Interface) එකක් නොලැබේ. පරිශීලකයන්ට MySQL සමඟ ලැබෙන command line interface එක හෝ MySQL සඳහා ඇති ඉදිරි කොණ මෙවලම් (front-end tools) වෙනම ස්ථාඵිතා කරගත හැක. මේවා මගින් දත්ත සමුදා නිර්මාණය සහ කළමණාකරණය, දත්ත සමුදා ආකෘති නිර්මාණය, දත්ත සමුදා උපස්ථ (back-up) කිරීම ආදී කාර්ය්‍යන් පහසුවෙන් සිදු කල හැක.
MySQL Workbench සහ MySQL Query Browser යනු නොමිලයේ බාගත කරගත හැකි එවැනි මෘදුකාංග වේ.
--ප්‍රනීත් නිලංග පිරීස් (talk) 19:04, 2 මාර්තු 2013 (යූටීසී)