MySQL
MySQL (කියවීම:මයි එස්.කියු.එල් හෝ මයි සීක්‍යුවල්) යනු (2008 සංඛ්‍යා ලේඛන වලට අනුව) ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය (relational database management system (RDBMS)) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි. මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් විඩෙනියස් ගේ දියණියගේ නමට අනුව My යන්නත් Structured Query Language යන්න සඳහා SQL යන්නත් භාවිතා කරමින් මෙය MySQL ලෙස නම් කර ඇත. GNU පොදු මහජන බලපත්‍රය (GNU General Public License) යටතේ මෙන්ම තවත් විවිධ ස්වාම්‍ය එකඟතාවයන් යටතේ MySQL සංවර්ධන ව්‍යාපෘතියේ මූලාශ්‍ර කේතය ප්‍රකාශයට පත් කර ඇත. MySQL ව්‍යාපෘතිය MySQL AB නම් ස්වීඩන සමාගමකට අයත්ව තිබූ අතර එය වර්තමානයේදී ඔරකල් (Oracle Corporation) ආයතනයට අයත් වේ.